පලාගොස් සිටි අලුත්වල කාන්තා ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

2024.06.23 වන දින උදෑසන ගෝනපීනුවල පොලිස් වසමේ අලුත්වල ප්‍රදේශයේ නිවසක සිදුවී ඇති කාන්තා ඝාතනයක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකල ගෝනපීනුවල පොලිස් ස්ථානයේ නිලධාරීන් ඝාතනය සිදුකල සැකකරු ලෙස හදුනාගත් පුද්ගලයා 2024.06.24 දින රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.

විමර්ශන සිදුකර මොහු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත්තේ ප්‍රදේශය අතහැර පලාගොස් ඇල්පිටිය පොලිස් වසම තුල සිටියදීය.

සැකකරු මියගිය කාන්තාවගේ සහෝදරයෙකුගේ පුතෙකු වන අතර ඝාතනය සිදුවූ නිවසේම පදිංචිව සිට ඇත.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගෝනපීනුවල පොලිසිය සිදුකරයි.