සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් ලුහුබදින STF නිලධාරීන් ගත් තවත් සැකකරුවෙක්

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 2024.06.23 වන දින ග්‍රෑන්ඩිපාස් පොලිස් වසමේ නාගලන් වීදිය, කොලඹ 14 ප්‍රදේශයේ සිදුකල වැටලීමකින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් ‍ලෙස හඳුන්වන ඩුබායි කසුන් හා ලහිරු යන අය විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයේ සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර එම ප්‍රමාණය ග්‍රෑම් 12 මිලි ග්‍රෑම් 360 කි.

වයස අවුරුදු 47ක් වූ මොහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩිපාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.