අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

2024.06.23 වන දින සවස් කාලයේ තලංගම පොලිස් වසමේ සුභූතිපුර සහ පැලවත්ත ප්‍රදේශවලදී තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 500ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුව‌ට ගත් සැකකරුවන් වයස අවුරුදු 29 හා 36 ක් වන බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.