නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට.

2024.06.23 වන දින උදෑසන කාලයේ පල්ලෙවෙල පොලිස් වසමේ බාදුරාගොඩ ප්‍රදේශයේදී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා ලීටර් 2642 ක් ( බැරල් 13 ක් ) සහ තඹ දඟරයක් සමඟ සැකකරුවෙකු සහ ගෝඩා ලීටර් 1020 ක් (බැරල් 05 ක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුව‌ට ගත් සැකකරුවන් වයස අවුරුදු 42 හා 55 වයස් වල පසුවන ගස්පේ, බාදුරාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.