පැපිලියාන කුලී නවාතැනේ සඟවා තිබී පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ 10 ක්

ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් 2024.06.22 වන දින ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 200 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහු කුලී පදනම මත පදිංචිව සිටින පැපිලියාන ප්‍රදේශයේ නිවසක් පිළිබඳව අනාවරණය කර ඇත.

අදාළ නිවස පරීක්ෂාකල එම නිලධාරීන් එහි සඟවා තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, එම මැගසීනය සමඟ මිලිමීටර් 09 ජීව උණ්ඩ 10 ක් සොයා ගැනීමට සමත්වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51 ක් වන පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ගල්කිස්ස පොලිසිය සැකකරු සහ ගිනි අවිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භකර ඇත.