කොතෙකුත් දැනුවත් කලද ඵලක් නොවේද ?, අළුයම අනතුරෙන් තරුණ ජීවිත දෙකක් රටට අහිමියි

A-28 පාදෙණිය අනුරාධපුර මාර්ගයේ කිලෝමිටර 70-71 කනු අතර මාක්පේඩ් ආයතනය ඉදිරිපිට 2024.06.23 වන අද දින අළුයම බස් රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටී මාරක රිය අනතුරක් සිදුවී ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ ගමන් කරමින් සිටි වයස අවුරුදු 25,21,19,19 හි පසුවන තරුණයින් සිව්දෙනෙකු තලාව රෝහලට ඇතුලත් කිරීමේදී ඉන් වයස අවුරුදු 21 තරුණයා සහ වයස අවුරුදු 19 ක් වූ තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බස්රථය රත්නපුර සිට වව්නියාව පෙදෙසට විනෝද චාරිකාවක් සඳහා පිරිසක් රැගෙන යමින් සිට ඇති අතර ත්‍රී රෝද රථය අනුරාධපුර සිට තලාව පෙදෙසට පැමිණෙන අතරතුර අදාල ස්ථානයේදී මාර්ගයේ දකුණු මංතීරුව දෙසට බරව පාලනය කර ගත නොහැකි වේගයකන් ධාවනය වී බස් රථයේ ගැටී මෙම අනතුර සිදුවී අති බවට තොරතුරු වාර්තා වී ඇත.

පොසොන් පොහොය ආශ්‍රිත දින කිහිපය තුල විශේෂයෙන් රජරට ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය බහුලව සිදුවන බැවින් වඩාත් වැඩි අවධානයකින් යුතුව රථවාහන ධාවනය කරන මෙන් කොතෙකුත් දැනුවත් කිරීම් සිදුකලද පාලනය කරගත නොහැකි වේගයකින් වැරදි මංතීරුවටද රථය යොමුකරමින් ධාවනය කර මෙම අනතුරුද සිදුවී තිබේ.

ප්‍රවේශමෙන් රිය පදවන්න !

මේ අහිමි වන්නේ රටේ අනාගතය භාරගන්නා තරුණ ජීවිතයි…