“සැකපිට ගත් තැනැත්තාගෙන් වැඩ බිමක් පිළිබඳ අනාවරණයක්, වැඩබිමේ කුරුලු කූඩුවක හොරායින් ග්‍රෑම් 442 ක ප්‍රමාණයක්”

බස්නාහිර බුද්ධි මූලස්ථානයේ නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරක් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙහි නිරත බවට සැකපිට මාදම්පිටිය, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එම ලිපිනය්දී 2024.06.22 උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු දීර්ඝ ප්‍රශ්නකිරීමට ලක්කර අනාවරණය කරගත් තොරතුරක් මත හුණුපිටිය, වත්තල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක් පරීක්ෂාකළ නිලධාරීන් එහි පිටුපස, ඉදිකරමින් පවතින කුරුල්ලන් නොමැති කුරුලු කූඩුවක් පරීක්ෂා කර ඇති අතර එහි සඟවා තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය පාර්සයක් සොයාගැනීම සමත්වී ඇත.

කිරා මැන බැලීමේදී අනාවරණය වී ඇත්තේ හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 442 යි මිලි ග්‍රෑම් 225 ක් වන බවයි.

ත්‍රී රෝද රථ රියදුරෙකු ලෙස රැකියාවේ නියුතු සැකකරු වයස අවුරුදු 46 ක් වූවෙකි.

වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකරනු ලබයි.