මරණබිය ගන්වා රැගෙනගොස් සාමූහිකව සිදුකල අපරාධයක්, සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට

කොස්ගම පදිංචි වයස අවුරුදු 16 ක දැරියක් 2021.06.21 වන දින දහවල් සමූහ දූෂණයට ලක් කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් සැකකරුවන් 08 දෙනෙකු හංවැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් හා හංවැල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් භාවිතාකළ යතුරුපැදි 03ක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර අපරාධය සිදුව ඇති ප්‍රදේශය ලෙස වාර්තා වන්නේ හංවැල්ල, ජල්තර ප්‍රදේශයේ සූසාන භූමියකි.

වින්දිත දැරිය ඇඹුල්ගම බස් රථ නැවතුම්පලක සිටියදී ඒ වෙත තරුණයින් පස් දෙනෙකු පැමිණ මරණ බිය ගන්වා ඇය බලහත්කාරයෙන් යතුරුපැදියක නංවාගෙන ඉහත සූසාන භුමිය වෙත රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති අතර එම ස්ථානයට පැමිණි තවත් තරුණයෙකු දැරිය කවුරුන්ද යන්න හදුනාගෙන ආටිගල මංසන්දියක් වෙත ඇරලවා තිබියදී පොලිස් 119 ජංගම සංචාර නිලධාරීන් විසින් ඇයගෙන් සිදුකල ප්‍රශ්නකිරීමකින් ඇයට සිදුවූ මෙම අපරාධය පිළිබඳ අනාවරණය කරගෙන ඇත.

දැරිය වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුලත් කර ඇත.

සැකකරුවන් වයස අවුරුදු 18,19 සහ 21 ක් වන රනාල, දැඩිගමුව, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
ඔවුන් අද දින අධිකරණයට ඉදිරිපත්කරමින් හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතය.