මත්ද්‍රව්‍ය ජාවාරම් කළ යුවළක් පොලිස් අත්අඩංගුවට

කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට මොරගහහේන පොලිස් වසමේ තලගල පිටිපන මාර්ගයේ රැදී සිටින බවට මොරගහහේන පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව වැටලීමක් සිදු කර මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු සහ සැකකාරියක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය සන්තකයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 200 පොලිස් භාරයට ගෙන ඇත. වැඩිදුරටත් සිදු කරන ලද විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ සැකකරු සහ අත්අඩංගුවට ගත් සැකකාරිය වන ඔහුගේ අනියම් බිරිඳ මහා පරිමාණයෙන් මෙම මත්ද්‍රව්‍ය ජාවරමේ නිරතව සිටින අයවළුන් බවයි

සැකකරු අවුරුදු 27 ක් සහ සැකකාරිය අවුරුදු 29 ක් වන තලගල, ගෝනපොල ලිපිනයේ පදිංචිකරුවන් වන අතර සැකකරු සහ සැකකාරිය හොරණ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2024.06.28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.