තීරුබදු නොගෙවා මෙරටට රැගෙන එන ලද රන් භාණ්ඩ සමඟ දෙදෙනෙක් දැලේ

2024.06.21 වන දින අබුඩාබි සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු හා කාන්තාවක් නීති විරෝධී ලෙස මෙරටට රත්‍රන් රැගෙන එන බවට ලද තොරතුරකට අනුව ගුවන්තොටුපල පොලිස් නිලධාරින් විසින් වැටලීමක් සිදුකරල ලදී. එහිදී වයස අවුරුදු 44ක් වන සමන්තුරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු හා වයස අවුරුදු 49 ක් වන කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකාරියක අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් සන්තකයේ තිබී රන් වළලු 14 ක්, මාල 03 ක්, මුදු 03 ක් හා කරාඹු ජෝඩුවක් පොලිස් භාරයට ගෙන තිබේ. මොවුන් සම්බන්ධ වැඩිදුර විමර්ශන ගුවන්තොටුපල පොලිසිය මඟින් සිදු කරනු ලබයි.