බස්රථ ‍තුළ මගීන්ගේ මුදල් හා දේපළ කොල්ලකන කාන්තා කල්ලියක් පොලිස් අත්අඩංගුවට

පොදු ප්‍රවාහන සේවයේ ගමන් ගත් කාන්තාවකගේ මුදල් හා ජංගම දුරකතනයක් සොරකම් කිරීමක් සම්බන්ධව ලද පැමිණිල්ලක් අනුව ආරච්චිකට්ටුව පොලිසිය විමර්ශන ආරම්භ කරන ලදී. එම පැමිණිල්ල අනුව විමර්ශන ආරම්භ කිරීමෙන් පසු මෙම සොරකම සිදු කරන ලද සැකකාරියන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරියන් සන්තකයේ තිබි සොරකම් කරන ලද ජංගම දුරකථනය හා මුදල් පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකාරියන් අත්අඩංගුවට ගෙන සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී මොවුන් පොදු ප්‍රවාහන බස් රථ වල ගමන් කරන මගින් ගේ මුදල් පසුම්බි කොල්ලකෑම දිර්ඝ කාලිනව සිදු කරනු ලබන කල්ලියක් බවට කරුණු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 29,24 සහ 41 යන වයස් වල පසුවන පුත්තලම ප්‍රදේශයේ පදිංචි කාරියන් වේ. සැකකාරියන් හලාවත ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර සැකකාරියන් වරද පිළිගැනීමෙන් පසු ඇප මත මුදා හැර ඇත. වැඩිදුර විමර්ශන ආරච්චිකට්ටුව පොලිසිය විසින් සිදු කරනු ලබයි.