බසවක්කුලම වැවේ දියේ ගිලෙමින් සිටි වයස අවුරුදු 19 ක තරුණයෙකු බේරා ගැනේ

2024.06.21 දින සවස 4.50ට පමණ බසවක්කුලම වැවේ පිහිනමින් සිටි දොලුකන්ද, බූස්ස සිට පැමිණි වයස අවුරුදු 19ක තරුණයෙකු කකුලේ මස්පිඬු පෙරලීම නිසා එක්වරම දියේ ගිලීමට යාමේදී ක්ෂණිකව ක්‍රියාත්මක වු පොලිස් ජීවිතාරක්‍ෂක නිලධාරීන් විසින් ඔහුව නිරූපද්‍රිතව බේරාගන්නා ලදී.

අනතුරට පත් පුද්ගලයාගේ කකුල දන හිසට ඉහලින් මස් ගොබය තද වි තිබු බැවින් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් අවශ්‍ය මූලික ප්‍රථමාධාර එම ස්ථානයේදීම ලබා දී ඇත.