ගැඹුරු මුහුදේදී මනුෂ්‍ය ඝාතනයක් සිදුවී ඇති බවට තොරතුරක්

ධීවර කටයුතු සඳහා බේරුවල වරායෙන් 2024.06.09 වන දින ගැඹුරු මුහුදට පිටත්ව ගිය බහුදින යාත්‍රාවක් තුල මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇති බවට ධීවර යාත්‍රාවේ හිමිකරු විසින් බේරුවල ස්ථානාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබා දී තිබේ.

යාත්‍රාව ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට බේරුවල වරාය දක්වා පැමිණෙමින් සිටින අතර මිය ගිය අයගේ මෘත දේහය ආරක්ෂිතව යාත්‍රාව තුල ඇති බවත්, මනුෂ්‍ය ඝාතනය සිදුකල සැකකරුද යාත්‍රාවේ සිටින බවත් වාර්තා වී ඇත.

සැකකරු සහ මිය ගිය පුද්ගලයා පිළිවෙලින් වයස අවුරුදු 36 ක් සහ 49 ක් වූ ඈතගම, කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.