බසවක්කුලම වැවේ දියේ ගිලුණු වයස අවුරුදු 13 ක දරුවෙක් බේරා ගැනේ

බසවක්කුලම වැවේ දිය නාමින් සිටි වයස අවුරුදු 13 ක පිරිමි දරුවෙකු දියේ ගිලෙමින් සිටියදී එම ස්ථානයේ රාජකාරි නිරතව සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරා ගෙන ඇත.

මෙම දරුවා ඥාතීන් පිරිසක් සමඟ කුලියාපිටිය ප්‍රදේශයේ සිට අනුරාධපුරය පූජා නගරයේ දන්සැලක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේදී දිය නෑම සඳහා ඊයේ දින (2024.06.20) දින බසවක්කුලම වැවට ගොස් සිටියදී මෙසේ අනතුරට ලක්වී ඇත.

මෙම කාලය තුල අනුරාධපුරය සහ මිහින්තලය පූජා භූමිය ඇතුළු පූජනීය ස්ථාන වන්දනා මාන කිරීම සඳහා දිවයිනේ නන් දෙසින් විශාල ජනතාවක් පැමිණෙන බැවින් වැව් හා ජලාශ ආශ්‍රිතව දිය නෑමේදී වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න.

ඔබට යම් අපහසුතාවයක් සිදු වූ වහාම අපට දැනුම් දෙන්න.
පොලිස් මෙහෙයුම් මැදිරිය අනුරාධපුර – 025 22 22 124