පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් කණ්ඩලම ජලාශයේ දියේ ගිලෙමින් සිටි තිදෙනෙකු බේරාගෙන

2024.06.20 වන දින සවස දඹුල්ල කණ්ඩලම ජලාශයේ ස්නානය සඳහා ගොස් දියේ ගිලෙමින් සිටි වයස අවුරුදු 17, වයස අවුරුදු 20, වයස අවුරුදු 16 වන කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි තරුණයන් තිදෙනෙකු එම ස්ථානයේ රාජකාරි කරමින් සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් වහා ක්‍රියාත්මක වී බේරා ගෙන ඇත.

ජලාශයේ දකුණු ඉවුර දේවාලය අසල එක් අයෙකු දියේ ගිලෙමින් සිටින අතරතුර අනෙක් දෙදෙනා තම මිතුරා බේරාගැනීමට දියට පැන ඇති අතර එහිදී තිදෙනාම ගිලීමට ලක් වී ඇත.

රාජකාරි යෙදී සිටි නිලධාරීන්
1)කළුතර පොලිස් විද්‍යාලයට අනියුක්ත පොලිස් සැරයන් 481 තඹවිට
2)දඹුල්ල පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් සැරයන් 69818 ජයසිරි
3)ඇල්පිටිය පොලිස් ස්ථානයට අනියුක්ත පො.සැ 68528 ප්‍රියශාන්ත

ඔබට යම් අපහසුතාවයක් සිදු වූ වහාම අපට දැනුම් දෙන්න.
පොලිස් මෙහෙයුම් මැදිරිය අනුරාධපුර –
025 22 22 124