වේයන්ගොඩ අද රෑ (2024.06.21) පෙරහැර, තදබදය මඟහැර යන්න විකල්ප මාර්ග

වේයන්ගොඩ ශ්‍රී නාගේන්ද්‍රාරාම විහාරස්ථානයේ මිහිඳු මහා පෙරහර 2024.06.21 වන දින සවස 06.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුල එම විහාරස්ථානයෙන් ආරම්භ වී වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගය හරහා එළුවාපිටිය මෝල හන්දිය දක්වා ගමන් කර නැවත එම මාර්ගයේම විහාරස්ථානයට වෙත පැමිණෙනු ඇත.

එම කාලය තුල නිට්ටඹුව කටුනායක ප්‍රධාන මාර්ගයේ අධික රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් පෙරහර ගමන් ගන්නා කාලය තුල පහත විකල්ප මාර්ගයන් භාවිතා කරන ලෙස ඉල්ලා සිටින්නෙමු.

විකල්ප මාර්ග

 නිට්ටඹුව කටුනායක ප්‍රධාන මාර්ගයේ කටුනායක දෙසට ධාවනය වන වාහන වේයන්ගොඩ නගරයේ ගුවන් පාලම මතින් ආර්ථික මධ්‍යස්ථානය දෙසට ඇති මාර්ගයේ ගුණසිරි සඟබෝ විහාරස්ථානය අසලින් දකුණු දෙසට ඇති උඩුගම මාර්ගයේ උඩුගම හන්දිය දක්වා ගමන් කර ගම්පහ දිවුලපිටිය ප්‍රධාන මාර්ගයෙන් කටුනායක දෙසට පිටව යා හැක.

 කටුනායක සිට නිට්ටඹුව දක්වා ගමන් ගන්නා වාහන නයිවල හන්දියෙන් දකුණට හැරී උඩුගම්පල දෙසට ගමන් කර මාරපොල ලී මෝල අසලින් වමට ඇති මාර්ගයේ මගලේගොඩ හරහා වේයන්ගොඩ කළගෙඩිහේන මාර්ගයට පිවිස දකුණට හැරී කළගෙඩිහේන දක්වා ගමන් කර නිට්ටඹුව දෙසට ගමන් කල හැකිය.