පොලිස් පවුල් සුභ සාධක සංගමයෙන් කොළඹ 05 අයිස්ක්‍රීම් දන්සලක්

පොලිස් පවුල් සුබ සාධක සංගමයේ සේවයේ නියුතු පොලිස් සහ සිවිල් නිලධාරින් විසින් පොසොන් පොහොය නිමිති කරගෙන දෙවන වරටත් සංවිධානය කරනු ලබන “අයිස් ක්‍රීම්” දන්සල 2024.06.24 වන අද දින දහවල් එම සංගමයේ හා පොලිස් පවුල් වනිතා ඒකකයේ සභාපතිනී නීතිඥ අනුරාධා උමයංගනී විජයවර්ධන මැතිණියගේ ප්‍රධානත්වයෙන් කොළඹ 05, පොලිස් පවුල් සුභ සාධක සංගමය පිහිටි ගොඩනැගිලි පරිශ්‍රයේදී පැවැතිවිණි.

දන්සල ආරම්භ කරමින් පළමුව පොලිස් පවුල් සුභසාධක සංගමය මඟින් පවත්වාගෙන යනු ලබන “ටයිනි ටොට්ස්” පෙර පාසල් සමූහයේ දරුවන් වෙත අයිස් ක්‍රීම් ලබා දීම සිදු කළ අතර අනතුරුව පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ රාජකාරී කරනු ලබන පොලිස් සැරයන් 40007 සංජීව නිලධාරියාගේ මව වෙත පොලිස් පවුල් සුභ සාධක සංගමයේ කමිටු සාමාජික ජුරම්පති මැතිණියගේ හා සීතා පෙරේරා මැතිණියගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රෝද පුටුවක් පරිත්‍යාග කිරීම සිදු විය.

මෙම අවස්ථාව සඳහා පොලිස් පවුල් සුභසාධක සංගමයේ ගරු භාණ්ඩාගාරික හා අධ්‍යාපන කමිටු සභාපතිනිය වන ජයන්ති ඒකනායක, පොලිස් පවුල් සුභසාධක සංගමයේ ගරු උප ලේකම් ෂාම් අන්වර් මැතිණිය ඇතුළු කමිටු සභාපතිතුමියන්ලා මෙන්ම පොලිස් සේවා වනිතා ඒකකයේ භාණ්ඩාගාරික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මදාරා ආරියසේන මහත්මිය, පොලිස් සුභසාධක කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී නිල්මිණී කරුණාරත්න මැතිණිය ඇතුලු සංගමයේ සාමාජික මහත්මීන් රැසක් සහභාගී විය.