තොරතුරු වඩාත් පහසුවෙන් හුවමාරුව සදහා පොලිසිය රාජ්‍ය ආයතන සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් තබයි

මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැනි අපරාධ විමර්ශනය සඳහා වඩාත් පහසුව සැලසෙන පරිදි ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා පොලිසියේ විමර්ශන විෂය පථයට අදාලවන සියළුම රාජ්‍ය ආයතන සමඟ 2024.06.24 වන අද දින සිට අවබෝධතා ගිවිසුම් වලට එළඹීම ආරම්භ කරන ලදී.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ විමර්ශන කටයුතු සඳහා අදාල තොරතුරු රාජ්‍ය ආයතන හා පොලිසිය අතර වඩාත් පහසුවෙන් හුවමාරු කරගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසීමයි.

මේ වන විට ඒ සඳහා සියළු කටයුතු සම්පාදනය කර ඇති අතර මූලාරම්භය වශයෙන් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය, විදුලි සන්දේශ නියාමන කොමිශන් සභාව, මධ්‍යම පරිසර අධිකාරිය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේනතුව යන රාජ්‍ය ආයතනයන්හි ප්‍රධානීන් සමඟ අද දින (2024.06.24) පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අවබෝධතා ගිවිසුම් අත්සන් තබන ලදී.