පොසොන් පෝ දා පොලිස්පතිතුමන් අනුරපුරයට..

ලක්වාසී බෞද්ධ ජනතාවට ඉතාම වැදගත් පොහොය දිනයක් ලෙස පොසොන් පුර පස‌ළොස්වක පොහොය දිනය හැඳින්විය හැකිය. මෙරට ජනතාව සංස්කෘතිකමය වශයෙන් සහ ආගමික වශයෙන් සංවර්ධනයකට ලක් වූ මෙම උතුම් පොහෝ දිනය ලෝකවාසී ලාංකික බෞද්ධ ජනතාව සිහි කරනුයේ ඉමහත් ගෞරවාභිමානයෙන් යුතුවය.

පොසොන් පුර පොහෝ දිනය යෙදෙන සෑම දිනයකම පාහේ බොහෝ බෞද්ධ ජනතාව එක් රොක් වනුයේ අනුරාධපුර පූජා නගරය වෙතය.‌ මෙවර පොසොන් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද ඊයේ (21) අනුරාධපුර පූජා නගරයේ පූජනීය ස්ථාන වැඳපුදා ගැනීමට එක් විය.

එහිදී අඨමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක උන්වහන්සේගෙන් ආගමික ආශිර්වාද ලබා ගත් පොලිස්පතිතුමා අනතරුව බෞද්ධයින්ගේ පූජනීයම බෝධි වෘක්ෂය වන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑය ද වන්දනා කළ අතර පූජා නගරය තුල පොලිස් ආරක්ෂාව සම්බන්ධයෙන් ද නිරීක්ෂණය කිරීමට කටයුතු කරන ලදී.