ජීවිත බේරූ බසවක්කුලම ජීවිතාරක්ෂක නිලධාරීන් පොලිස්පතිතුමන් විසින් අගයයි

2024.06.20 වන දින බසවක්කුලම වැවේ දිය නාමින් සිටි වයස අවුරුදු 13ක පිරිමි දරුවෙකු සහ 2024.06.21 වන දින වයස අවු 19 තරුණයෙකු දියේ ගිලෙමින් සිටියදී ක්ෂණිකව ක්‍රියාත්මක වී ඔහුගේ ජීවිතය බේරා ගෙන එම ස්ථානයේදීම අවශ්‍ය ප්‍රථමාධාර ද ලබා දුන් බසවක්කුලම වැව ආශ්‍රිත කලාපයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් ඇගයීමට අද උදෑසන පොලිස්පතිතුමා එක් විය.

මෙහිදී පොලිස්පතිතුමන් ජීවිතාරක්ෂක නිලධාරින්ට දෙනු ලබන උපරිම ත්‍යාග මුදල් ලබා දීමට කටයුතු කරන බව පවසා සිටි අතර මෙම ජීවිතාරක්ෂක නිලධාරින් පාසල් ළමුන් වෙනුවෙන් සිදුකරගෙන යනු ලබන ජීවිතාරක්ෂක පුහුණු වැඩමුළුද විශේෂ අගය කිරීමකට ලක් කරන ලදී