ආදි වාසි නායකතුමාගේ ආරාධනය පරිදි පොලිස්පතිතුමන් දඹානට

ආදිවාසි නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ සංවිධානයෙන් දඹාන බිංතැන්න ගම්මානයේ කේන්ද්‍ර ගත කරමින් පවත්වනු ලබන පොසොන් කලාපය අති උත්කර්ෂවත් ආකාරයෙන් මෙවරත් සංවිධාන කර තිබූණි.එහිදී ආදිවාසි නායකතුමාගේ ආරාධනය පරිදි පොලිස්පතිතුමන් ඊයේ (2024.06.20) දඹාන ප්‍රදේශයේ ගොස් ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව පොසොන් කලාපයේ අලෝක පහන් දල්වා එය විවෘත කිරීමට එක්වන ලදී.