පොසොන් පොහෝ දින වන්දනාවේ යන ඔබේ ආරක්ෂාවට පොලිසියේ සූදානම

දිවයින පුරා විහාරස්ථාන 11100 ක් අශ්‍රිතව ආගමික වැඩසටහන් රැසක් සංවිධානය වන බවට තොරතුරු ලැබී ඇති පසුබිමක,
පොසොන් කලාප 322 ක තොරණ 296 ක්, දන්සැල් 4600 කට ආසන්න ප්‍රමාණයක් බැතිමතුන් වෙනුවෙන් විවෘත වන බවට සඳහන් වූ වාර්තා අනුව,
2024.06.21 වන පොසොන් පුන් පොහෝ දින ආගමික වතාවත් වඩාත් ආරක්ෂිතව සිදුකළ හැකි වටපිටාව සැකසීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් සහගත වැඩපිළිවෙලක් සකසා ඇත.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් උපදෙස් හා නියෝග ලබා දී ඇති පරිදි පළාත් භාර, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විහාරස්ථාන වෙත ගොස් විහාරස්ථානාධිපති ස්වාමින් වහන්සේලා හමුවී අවශ්‍ය ආරක්ෂාව ලබාදිය යුතු ආකාරය පිළිබඳව නිරන්තර සාකච්ඡා සිදුකරමින් පවතී.

ඒ අනුව පොලිස් නිලධාරින් 20000 කට ආසන්න ප්‍රමාණයක්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 400 කට ආසන්න ප්‍රමාණයක් , සෘජුව කැඳවන ලද යුධ හමුදා නිලධාරීන් 700 කට වැඩි සංඛ්‍යාවක් දිවයින පුරා රාජකාරි සඳහා යෙදවෙන අතර 27000 කට ආසන්න ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් පිරිසක් පොලිසියට අවශ්‍ය සහය හා සම්බන්ධීකරණය ලබාදෙමින් විහාරස්ථාන, සේවය අවශ්‍ය ස්ථාන ආසන්නව රාජකාරි සිදු කරනු ලබයි.

පොසොන් උත්සව සමයේදී බොහෝ දෙනෙකුගේ වැඩි අවධානය යොමුවන ඓතිහාසික අනුරාධපුර නගරය, මිහින්තලා පූජා භූමිය , ශ්‍රී මහාබෝධිය ඇතුළු අටමස්ථාන පිහිටන ප්‍රදේශයන්, තන්තිරිමලය රජමහා විහාරය, අවුකන විජිතපුර හා නාමල් උයන යන ප්‍රදේශ පිලිබඳව විශේෂ අවධානයක් යොමුකරමින් සැලකිය යුුතු නිලධාරීන් සංඛ්‍යාවක් රාජකාරි යොදවනු ඇත.

එමෙන්ම අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත පහත සඳහන් රථගාල් තුල ඔබේ රථවාහන වඩාත් ආරක්ෂිතව ගාල්කර තැබිය හැකිවනු ඇති බැවින් මඟ දෙපස, මාර්ග අවහිර වන පරිදි රථවාහන ගාල් නොකට මෙම රථගාල් භාවිතා කරන මෙන් රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නෙමු

  1. රුවන්වැලි සෑය රථ ගාල
  2. රුවන්වැලි සෑය ප්‍රභූ රථ ගාල
  3. මිරිසවැටිය රථ ගාල
  4. වටවන්දනා රථ ගාල
  5. ඉසුරුමුණිය පාසල් රථ ගාල
  6. ථූපාරාම සුසාන භූමිය අසල රථ ගාල
  7. සඳහිරු සෑය රථ ගාල
  8. පැරණි භික්ෂු විද්‍යාල රථ ගාල
  9. අභයගිරිය රථ ගාල
  10. ලංකාරාම රථ ගාල
  11. සමාධි පිලිම රථ ගාල
  12. ජේතවනාරාම රථ ගාල
  13. නෙල්ලිකුලම පාසල් රථ ගාල
  14. පුරා විද්‍යා හන්දිය රථ ගාල
  15. පැරණි බන්ධනාගාර රථ ගාල
  16. කුරුණෑගල හන්දිය රථ ගාල
  17. අක්කර 08 රථ ගාල
  18. පැරණි පොලිස් භූමි රථ ගාල
  19. පැරණි පොලිස් භූමි ප්‍රභූ රථ ගාල
  20. සඳකඩ පහණ රථ ගාල
  21. කුට්ටම් පොකුණ රථ ගාල

මිහින්තලය පූජා භූමිය තුල රථ ගාල් 07ක් පහත සඳහන් ස්ථානවල ස්ථාපිත කර ඇත

  1. අඹකොටුව රථ ගාල
  2. කඳුපාමුල රථ ගාල
  3. කළුදිය පොකුණ රථ ගාල
  4. ඉසුරු උයන රථ ගාල
  5. තිස්ස ක්‍රිඩාංගන රථ ගාල
  6. නව රථ ගාල
  7. ප්‍රාදේශිය ලේකම් කාර්යාල නිල නිවාස රථ ගාල
    විශේෂ මගී බස් රථ ගාල් – 02
  8. අනුරාධපුර පැරණි බස් නැවතුම් රථ ගාල
  9. නව නගරයේ බස් නැවැතුම් රථ ගාල
    අවුකන පූජා නගරය තුල පිහිටා ඇති රථ ගාල්- 02
  10. අවුකන පූජා භූමි රථ ගාල අංක 01
  11. අවුකන පූජා භූමි රථ ගාල අංක 02
    තන්තිරිමලය පුජා නගරය තුල පිහිටා ඇති රථ ගාල්- 01
  12. තන්තිරිමලය රජමහා විහාරස්ථාන රථ ගාල