ආත්ම ආරක්ෂාව සඳහා රාජකාරි ගිනි අවිය භාවිතයට, පාදයට වෙඩි වැදුනු සැකකරු රෝහලට

වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් නීති විරෝධී මත්පැන් ජාවාරම් සිදුකරන බවට සැක පිට මීතොටමුල්ල, වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක් 2024.06.19 වන දින දහවල් වටලා පරීක්ෂාකිරීමට උත්සාහ කිරීමේදී එහි පදිංචි පුද්ගලයා අතුලු තවත් පුද්ගලයෙකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරී ඇත.

ඔවුන් විසින් නිවසේ සිටි සුනඛයාද නිලධාරීන් වෙත මුදා හැර පහරදීම් සිදුකර ඇති අතර ඒ අතරතුර ආත්මආරක්ෂාව සඳහා කටයුතු කර ඇති එක් නිලධාරියෙකුගේ රාජකාරි ගිනි අවිය ක්‍රියාත්මක වී තිබේ.

එහිදී පාදයට වෙඩි වැදී තුවාල ලැබූ සැකකාර නිවසේ පදිංචිකරු සහ පහරදීම් හමුවේ තුවාල ලැබූ පොලිස් සැරයන්වරයෙකු කොළඹ ජාතික රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇත.

වෙඩි වැදුනු සැකකරු වයස අවුරුදු 50 ක් වූ පුද්ගලයෙකි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කළ වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් තුවාල ලබා රෝහල්ගත කර ඇති සැකකරු සහ අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන වැල්ලම්පිටිය පොලිසිය භාරයේ පසුවේ.
සැකකරුවන් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.