නිධන් හාරමින් සිටි සැකකරුවන් 11 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

සියඹලාන්ඩුව පොලිසිට ලද තොරතුරක් අනුව මුතුකණ්ඩිය සියඹලාන්ඩුව ලිපිනයේ පිහිටි පුද්ගලික ඉඩමක් තුළ නිධන් සෙවීමේ අරමුණින් කැනීම් කරමින් සිටි සැකකරුවන් 11 දෙනෙකු සියඹලාණ්ඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත

මෙම පිරිස මෝටර් රථ තුනකින් පැමිණ ඇති අතර මොවුන් සන්තකයේ තිබී ස්කෑන් යන්ත්‍රයක්, බැටරි තුනක් සහ වයර් ඇතුළු උපකරණ රැසක් පොලිසිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 55,51,37,54,48,38 හා 46 යන වයස් වල පසුවන මොණරාගල, හම්බන්තොට සහ ඉබුල්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් සියඹලාණ්ඩුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇති අතර නඩුව 2024.08.01 වන දින නැවත කැඳවීමට නියමිතව ඇත