නොනවත්වා පලා ගිය යතුරුපැදිය හඹාගොස් පරීක්ෂාකිරීමේදී සැකකරු සතුව අත් බෝම්බයක්

ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානයේ නිලධාරීන් 2024.06.18 වන දින ලුණුගම්වෙහෙර රෝහල් නිල නිවාස ප්‍රදේශයේ රාත්‍රී ජංගම සංචාරයේ නිරත වන අතරතුර ඒ අසල අතුරු මාර්ගයක යතුරු පැදියකින් යම් පුද්ගලයෙකු නීති විරෝදී යමක් ප්‍රවාහනය කරන බවට තොරතුරක් ලැබී ඇත.

වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් අදාළ අතුරු මාර්ගයේ රැක සිට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු නැවැත්වීමට උත්සහ කර ඇති අතර එහිදී යතුරුපැදියකරු නොනවත්වා පලා යාමට උත්සාහ දරා තිබේ.

නිලධාරීන් සැකකරු පසුපස හඹා ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂාකිරීමේදී ඔහු සන්තකයේ රැදි කැබැල්ලක ඔතා තිබී ජීව අත් බෝම්බයක් සොයාගැනීමට සමත්ව ඇත.

සැකකරු වයස අවුරුදු 27 ක් වූ එම ප්‍රදේශයේම පදිංචි විවාහක තරුණයෙකි.
ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.