පෙර දින (18) සිදුවූ මාරක අනතුරු පස් දෙනෙකු මරුට, බහුතරය යතුරුපැදි අනතුරු

-අකුරැස්ස පොලිස් වසම-

අකුරැස්ස දෙනියාය විකල්ප මාර්ගයේ උදාර මාවත හන්දිය ප්‍රදේශයේදී අකුරැස්ස දෙස සිට අමලගොඩ දෙසට ධාවනය කල යතුරුපැදියක පදික කාන්තාවක් ගැටී ඇති අතර ඉන් බරපතල තුවාල ඇය මාතර රෝහලේදී මියගොස් ඇත.
මරණකාරිය වයස අවුරුදු 70 ක් වන තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
යතුරුපැදිකරු අකුරැස්ස පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

-බණ්ඩාරවෙල පොලිස් වසම-

බෙරගල හාලිඇල මාර්ගයේ දික්අරාව ප්‍රදේශයේදී බණ්ඩාරවෙල දෙස සිට බදුල්ල දෙසට ධාවනය කල යතුරුපැදියක් මාර්ගයේ පෙරලී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී ඇති අතර ඉන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු බණ්ඩාරවෙල රෝහලේදී ජීවිතක්ෂයට පත්වී ඇත.
මියගිය අය වයස අවුරුදු 19ක් වන ඇල්ලපාර, වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි

-වැලිවේරිය පොලිස් වසම-

වැලිවේරිය කිරිඳිවැල මාර්ගයේ හේනෙගම ප්‍රදේශයේදී රතුපස්වල සිට හේනේගම දෙසට අතුරු මාර්ගයෙන් ප්‍රධාන මාර්ගයට එක්වරම ඇතුළු කළ කැබ් රථයක වැලිවේරිය දෙස සිට කිරිඳිවැල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව යතුරුපැදිකරු හා පසුපැදිකරු රදාවාන රෝහලට ඇතුලත් කර තිබේ. එහිදී ගම්පහ රෝහලට මාරුකර යැවූ යතුරුපැදිකරු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 24 ක් වන වතුරුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැලිවේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

-ඊච්චලම්පත්තු පොලිස් වසම-

ඊච්චලම්පත්තු පොලිස් වසමේ සින්නවේලි ප්‍රදේශයේදී ලොරි රථයක් හැරවීමට උත්සාහ කිරීමේදී කාන්තාවක් ලොරි රථයේ ගැටී ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව ඊච්චලම්පත්තු රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
ඇය වයස අවුරුදු 74 ක් වන සින්නවේලි ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊච්චලම්පත්තු පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

-කෝපායි පොලිස් වසම-

යාපනය පේදුරුතුඩුව මාර්ගයේ නිර්වේලි දකුණ ප්‍රදේශයේදී යාපනය දෙස සිට පේදුරුතුඩුව ධාවනය කල යතුරුපැදියක් නවතා තිබූ ට්‍රැක්ටර් රථයක ටේලරයේ පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කෝපායි රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 16ක් වන පුත්තූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ට්‍රැක්ටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කෝපායි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.