ලක්ෂ පනහක් වංචා කළ කාන්තාවකට විදෙස් ගමන් තහනම්

විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදලින් රුපියල් ලක්ෂ පනහක් පමන වංචා කර ඇතැයි පැමිණිලි ලැබී ඇති නාරංවිට, ගම්පොළ ප්‍රදේශයේ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධරයන් විසින් අත්අඩංගුවට ගෙන 2024.06.16 වන දින දහවල් ගම්පොළ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

2024.06.18 වන දින මහේස්ත්‍රාත් අධිකරණය වෙත දෙවන වර ඉදිරිපත්කල සැකකාරිය අධිකරණය විසින් රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපයකට යටත්කර විදේශ ගමන් අත්හිටුවා ඇප මත නිදහස් කර තිබේ.