යක්කල යුක්තියෙන් ඇල්ලූ සැකකරුවන් අනාවරණය කෙරූ අපරාධ රැසකි

යක්කල පොලිස් ස්ථානයේ නිලධ‍ාරීන් පසුගිය දින කිහිපයේදී තුල සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනෙකුගෙන් සිදුකල වැඩි දුර ප්‍රශ්නකිරීම් මගින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ඔවුන් සිදුකර ඇති සොරකම් කිහිපයක් අනාවරණය කරගැනීමට හැකි වී තිබේ.

යක්කල පොලිස් වසමේ සිදුකර ඇති WP 8381 ත්‍රී රෝද රථ සොරකම,
BHS 4150, JJ 8743 යතුරු පැදි සොරකම්,

වැලිවේරිය UO 8994 පොලිස් වසමේ යතුරු පැදි සොරකම,

සපුගස්කන්ද පොලිස් ස්ථානයේ QH 1476 ත්‍රී රෝද රථ සොරකම,

නවගමුව පොලිස් වසමේ QH 8950 ත්‍රී රෝද රථ සොරකම,

කැළනිය පොලිස් වසමේ HP 4974 ත්‍රී රෝද රථ සොරකම,

ගම්පහ පොලිස් වසමේ HH 8476 ත්‍රී රෝද සොරකම,

නිට්ටඹුව පොලිස් වසමේ QJ 2836 ත්‍රී රෝද රථ සොරකම,

යන අපරාධ ඒ අනුව අනාවරණය කරගෙන ඇති අතර සොරකමට ලක්වූ ඉහත සෑම රථවාහනයක්ම පාහේ මේ වන විට යක්කල පොලිස් ස්ථානය භාරයට ගැනීමට සමත්ව තිබේ.