තිඹිරිගම කුකුල් කොටුවක ගෝඩා පිරි යකඩ බැරල්

කිරිදිවැල තිඹිරිගම ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සිදුකරන්නා වූ නිවසක් පිළිබඳව අනාවරණය කරගත් කිරිදිවැල පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානය 2024.06.17 වන දින සවස වටලා නීති විරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 1440 ක පමණ ප්‍රමාණයක් බහා තිබූ යකඩ බැරල් 08 ක් සමඟ වයස අවුරුදු 45 ක් වූ එම ප්‍රදේශයේම පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නිවස පිටුපස කුකුලන් ඇතිකල කුකුල් කොටුවක් තුල මෙම නීති විරෝධී නිෂ්පාදන සූක්ෂමව පවත්වාගෙන යාමට සැකකරු කටයුතු කර ඇත.