සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට, සොරාගත් රන් භාණ්ඩ සහ ජංගම දුරකතන ද සොයා ගැනේ

එගොඩ උයන පොලිස් ස්ථානයට 2024.06.11 වන දින ලද පැමිණිල්ලක් මත නිවසක් බිඳ රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා රන් භාණ්ඩ සහ ජංගම දුරකතනයක් සොරා ගැනීමට සම්බන්ධ සැකකරුවෙකු සුනාමි නිවාස, මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී සොරා ගන්නා ලද රන් භාණ්ඩ සහ ජංගම දුරකතන කිහිපයක් ද පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන ඇති අතර සැකකරු මීට පෙරද මෙවැනි අපරාධයන් සිදුකර ඇති බවට විමර්ශනයේදී තොරතුරු අනාවරණය වී ඇත. ‍