කොට්ටුකල්ලි සයුරේ දිය වැලක ඇදී ගිය තරුණයෙකුගේ දිවි, ජීවිතාරක්ෂක නිලධාරීන් බේරාගනියි

2024.06.17 වන ඊයේ දින සවස පොතුවිල් පොලිස් වසමේ කොට්ටුකල්ලි වෙරළ තීරයේ දිය නෑමට ගිය තරුණයෙකු දිය වැලකට හසුවී ගැඹුරු මුහුදට ගසාගෙන යමින් සිටියදී එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන් 44261 සුදන්ත, පොලිස් සැරයන් 66252 මහේෂ්, පොලිස් සැරයන් 63382 රුවන්, පොලිස් සැරයන් 70305 සම්පත් හා පොලිස් කොස්තාපල් 79514 චන්දන යන නිලධාරින් වහා ක්‍රියාත්මක වී එම තරුණයා බේරාගෙන ඇත.

මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් අනතුරුව ඔහුව, ඔහු සමඟ පැමිණි සමීපතමයන් වෙත භාරදී තිබේ.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු 20 ක් වූ පොතුවිල් ප්‍රදේශයේම පදිංචිකරුවෙකි