සොයාගත් ගිනි අවියෙන් තවත් ගිනි අවියකට මඟ පාදාගත් STF ජ’පුර නිලධාරීන්

පොලිස් විශේෂ කාර්ය බලකාය ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් 2024.06.17 වන දින සවස හංවැල්ල, පහල හංවැල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර විදේශ රටක නිෂ්පාදිත පිස්තොල අවියක් සමඟ වයස අවුරුදු 55ක් වූ පහල හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු වැඩිදුර ප්‍රශ්න කිරීමට ලක්කර හොරණ, දඹර මීවනපලාන ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාකර තවත් විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සමඟ වයස අවුරුදු 45ක් වන දඹර මීවනපලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් සමත්ව තිබේ.
සැකකරුවන් සහ ගිනිඅවි වැඩිදුර විමර්ශන සඳහා හංවැල්ල සහ හොරණ යන පොලිස් ස්ථාන භාරයට පත්කර ඇත.