ගාලු පාරේ රේස් පැද්ද තරුණයන් මෝටර් රථ සමඟ අත්අඩංගුවට

ගාලු පාරේ අපරීක්ෂාකාරී ලෙස සහ අමතර කොටස් සවිකර මෝටර් රථ රේස් පදින ලද තරුණයන් සිව් දෙනෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර රේස් පැදවූ මෝටර් රථ පොලිස් භාරයට ගෙන ඇත.

මොවුන් පොලිස් අණ නොතකා රිය ධාවනය කර ඇති අතර කොල්ලුපිටිය පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් එම මෝටර් රථ පසුපස හඹාගොස් ගාලු මුවදොර ප්‍රදේශයේදී මඟ හරස් කර නවතා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට සැකකරුවන් අවුරුදු 28, 22 සහ 21 වයසවල පසුවන කොළඹ,පන්නිපිටිය , දෙහිවල සහ හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.කොල්ලුපිටිය පොලිසිය ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා විමර්ශන පවත්වාගෙන යනු ලබයි.