ඩොලර් මිලිනයක නෝට්ටුවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්යාංශයෙන් ලද තොරතුරක් අනුව කිළිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් කිළිනොච්චිය පොලිස් වසමේ කන්දසාමි කෝවිල අසලදී, සැක සහිත ඩොලර් 1,000,000 නෝට්ටුවක් , රන් කාසියක් සහ ලේඛණ රැසක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැක සහිත නෝට්ටුව සහ ලේඛණ සම්බන්ධව නිවැරදි තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා කිළිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 29,27 සහ 38 වන වයස්වල පසුවන කිලිනොච්චිය සහ මුල්ලියාවේලි යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිළිනොච්චිය ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2024.06.18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.