අන්තර්ජාලය හරහා ලිංගික දර්ශන විකුණූ අඹුසැමි යුවළ දෙකක් අත්අඩංගුවට

පිළියන්දල පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේ නිවසක් තුළ සැකකටයුතු ලෙස වාසය කරන ලද පිරිසක් සම්බන්ධව පරීක්ෂා කර ඇත. එහිදී සැකපිට අදාළ නිවසෙහි සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් අඹුසැමියන් බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.

මෙම පිරිමි පුද්ගලියින් දෙදෙනා සහ කාන්තාවන් දෙදෙනා ලිංගික ක්‍රියාකාරකම් කරමින් එම ලිංගික දර්ශන එම අවස්ථාවේදීම විදේශ රටවල ඇති වෙබ් අඩවි හරහා විකිණීම හා සමාජ මාධ්‍ය හරහා සජීවි ලෙස ප්‍රචාරය කර ඔවුන්ගේ ගිණුම් සඳහා මුදල් බැර කරගෙන ඇති බවට අනාවරණය වී ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා අවුරුදු 26 සහ 27 වයස් වල පසුවන අතර සැකකාරියන් අවුරුදු 22 සහ 23 වයස්වල පසුවන බුලත්සිංහල සහ කොල්ලුපිටිය ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ.

මොවුන් කැස්බෑව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප නියම කර ඇත. පිළියන්ද පොලිසිය වැඩිදුර විමර්ශන පවතාගෙන යනු ලබයි.