තැන තැන යම් යම් මත් ද්‍රව්‍ය අලෙවි කරොත් නියතයි සිරබත්,“පවුරේ” සාමාජිකයින් වඩාත් විමසිල්ලෙන්

පාසල් ළමුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළක්වාගැනීම සඳහා සමාජයේ සෑම පාර්ශවයක්ම නියෝජනය වන පරිදි සමස්ථ දිවයින ආවරණය කර පිහිටවූ “පවුර” නම් කමිටු 5000 කට අධික ප්‍රමාණයක සාමාජිකයින් විශාල සංඛ්‍යාවක්, නීති විරෝධී විස මත්ද්‍රව්‍ය අලෙවි කරනු ලබන පුද්ගලයන් පිළිබඳව නිරන්තරයෙන් පොලිසිය වෙත තොරතුරු යොමුකරමින් අත්අඩංගුවට ගැනීම් සිදුකිරීම සඳහා සහය ලබා දේ.

මැණික්හින්න පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් අනුව එම නිලධාරීන් විසින් 2024.06.16 වන ඊයේ දින දහවල් කාලයේ සිරිමල්වත්ත පාර ප්‍රදේශයේ වැටලීමක් සිදු කර ගංජා මිශ්‍ර මදන මෝදක කිලෝග්‍රෑම් 350 ක් (පැකට් 8605) වෙළඳසැල තුල තබා ගනිමින් අලෙවි කළ වයස අවුරුදු 46 සහ 35 ක් වූ මඩවල හා රජවැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැපයුම් ජාලය අනාවරණය කරගැනීම සඳහා මැණික්හින්න පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.