කටුකුරුන්දේ ඝාතනයක වෙඩික්කරු අල්ලයි.යොදාගත් ටී 56, ජීව උණ්ඩ 15ක්ද සමඟ සුසාන භූමියක

2024.05.20 දින වාර්ථා වූ යතුරු පැදියකින් පැමිණ කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේදී මධුවන්ත සිල්වා නැමැති අයව වෙඩි තබා ඝාතනය කිරීමේ බරපතල අපරාධය සම්බන්ධයෙන් විමර්ශන සිදුකල බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම අපරාධයේ යතුරු පැදිකරුලෙස හඳුනාගත් සැකකරු 2024.16.13 වන දින අත්අඩංගුවට ගත්හ.

වැඩිදුර ප්‍රශ්නකිරීම් සහ විමර්ශන මගින් මෙම අපරාධය “ලැටා” නම් විදෙස්ගතව සිට මෙරට අපරාධ මෙහෙයවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති ඇති අතර ඒ යටතේ අපරාධය සඳහා අධාර අනුබල දීම සිදුකල “පැට්ටා” නමින් හඳුන්වන සැකකරුද එදිනම අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

අපරාධය සිදුකල වෙඩික්කරු පිළිබඳව සිදුකල වැඩිදුර ප්‍රශ්නකිරීම් මගින් අනාවරණය වූ තොරතුරු මත එම කොට්ඨාසයේ නිලධාරීන් මීගොඩ පොලිස් වසමේ ගොඩගම ප්‍රදේශයේ 2024.06.16 වන ඊයේ දින දහවල් වැටලීමක් සිදුකර ඇති අතර, එහිදී අදාළ සැකකරු අත්අඩංගුවට පත්වී තිබේ. ඔහු වයස අවුරුදු 41 ක් වන අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අනාවරණය කල තොරතුරු අනුව මෙම වෙඩි තැබීමට භාවිතා කරන ලද බවට සැක ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ එම සජීවි පතරොම් 15 ක්ද කළුතර, පලාතොට ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබියදී සොයා ගෙන සැකකරු හා දේපල කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත වැඩිදුර විමර්ශන සඳහා ඉදිරිපත්කර ඇත.