නිධන් හැරෑ කාන්තාවක් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

වාලච්චේන පොලිස් වසමේ නිදන් හැරිමක් සම්බන්ධයෙන් දිස්ත්‍රීක් සහකාර පොලිස් අධිකාරී වරයාට ලද තොරතුරකට අනුව වාලච්චෙන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වාලච්චේන, නාවල්අඩි කෑලැ බඳ ප්‍රදේශයේ වැටලීමක් සිදු කරන ලදී.

එහිදී නිධන් හෑරීමට පැමිණි සැකකරුවන් 05 දෙනෙකු සහ සැකකාරියක් සහ නිධන් හැරීමට යොදා ගන්නා උපකරණ සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය අවුරුදු 47 ක් සහ සැකකරුවන් අවුරුදු 39,38,37,28 සහ 17 යන වයස් වල පසුවන පොළොන්නරුව සහ වැලිකන්ද යන ප්‍රදේශවල පදිංචි අයවළුන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වාලච්චෙන ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2024.06.28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.