අධිවේගී මාර්ග කොට්ඨාසයෙන් සාර්ථක පරීක්ෂාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

2024.06.16 වන දින උදෑසන කාලයේ අධිවේගී සංචාරක පොලිස් කොට්ඨාසයේ පින්නදූව අන්තර් හුවමාරු ඒකකයේ නිලධාරීන් විසින් පින්නදූව පිටවීමේ දොරටුව අසල මඟී බස් රථ පරීක්ෂාවට ලක් කර ඇත.

එහිදී මාකුඹුර සිට ගාල්ල දක්වා ධාවනය වූ බස් රථයක සිටි මඟියෙකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 127 මිලි ග්‍රෑම් 720ක්, ඈෂ් ග්‍රෑම් 09 මිලිග්‍රෑම් 270ක් දුම්කොළ ග්‍රෑම් 58 මිලි ග්‍රෑම් 480ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන අක්මීමන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුව‌ට ගත් සැකකරු වයස අවුරුදු 39 ක් වන කණුපැලැල්ල, බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අක්මීමන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.