ජයටම පවත්වාගෙන ගොස් ඇති රස්නායකපුර නීති විරෝධී මත්පැන් ස්කාගාරයට තිත

රස්නායකපුර පොලිස් වසමේ අලුත්වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යමින් සිටි නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් පිළිබඳව ලද තොරතුරකට අනුව රස්නායකපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එම ස්ථානය 2024.06.15 වන දින සවස වැටලූහ.

එහිදී ගෝඩා ලිටර් 9080 ක් සහ නීති විරෝධී මත්පැන් ලීටර් 150 ක් , ගෑස් ලිප් 05 ක්, ගෑස් සිලින්ඩර් 05 ක්, වතුර මෝටර් 01 ක්, බැරල් 57 ක් සහ තඹ දඟර 06 ක් සමඟ වයස අවුරුදු 32 ක් වන රේන්දවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ස්කාගාරය පවත්වාගෙන යාමට ආධාර අනුබල දුන් සහ මීට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් සොයා රස්නායකපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.