උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් පස් නිවුන් දරුවන් හට පොලිස්පතිතුමන්ගෙන් ත්‍යාග

මෙවර පැවැත්වූ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් අපරාධ වාර්තා කොට්ඨාසයේ රාජකාරි කරනු ලබන පොලිස් පරීක්ෂක නිමල් පියතිස්ස නිලධාරියාගේ පස්නිවුන් දරුවන් විශිෂ්ට ලෙස සමත්ව සරසවි වරම් දිනා ගෙන තිබේ.

මෙම දරුවන් ඇගයීමට ලක් කරමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ පොලිස් පවුල් සුභසාධක සංගමයේ සභාපති අනුරාධා විජයවර්ධන මැතිණිය විසින් ඔවුන් වෙත විශේෂ ත්‍යාග පිරිනැමීමක් අද (2024.06.19) දින අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවනාගාරයේදී සිදු කරන ලදී.

මෙම දරුවන් පෙර පාසැල් අධ්‍යාපනය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පිහිටි ටයිනි ටොට්ස් පෙර පාසලෙන් හදාරා ඇති අතර පිරිමි දරුවන් දෙදෙනා කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ ගැහැණු දරුවන් තිදෙනා කොළඹ විශාකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇත.