අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පොලිස් නිලධරයන්ට, දරු දැරියන්ට මූල්‍ය ආධාර

පසුගිය දින කිහිපය තුල දිවයිනට බලපෑ අයහපත් කාළගුණය හේතුවෙන් අපදාවට ලක්වී පීඩාවට පත් පොලිස් නිලදරයන් උදෙසා මූල්‍ය ආධාර පිරිනැමීමේ අවස්ථාව 2024.06.19 වන අද දින සවස පොලිස් අපරාධ වාර්ථා කොට්ඨාස ශ්‍රවණාගාරයේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි එසේ ආපදාවට ලක්වූවන්ගේ තොරතුරු ඇතුලත් වාර්ථාවක් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගෙන් කැඳවා තිබූ අතර එහිදී නිලධාරීන්ගේ දේපල වලට වූ හානි, අධ්‍යාපනය හදාරනු ලබන දරු දැරියන්ගේ ඉගෙනුම් සම්පත් වලට සිදුවූ හානි සලකා බැලූ අතර පොලිස් ත්‍යාග අරමුදලෙන්, පොලිස් පවුල් සුභසාධක සංගමයෙන් හා පොලිස් මධ්‍යම සුභසාධක යෝජනා ක්‍රමයෙන් එම නිලධාරීන් උදෙසා මූල්‍යාධාර පොලිස්පති නියමයෙන් වෙන් කරන ලදී.

මේ යටතේ එක් නිලධරයෙකුට රු 10000/= බැගින් නිලධරයන් 95 දෙනෙකු සඳහාද, රුපියල් 5000/= බැගින් නිලධරයන්ගේ දරුදැරියන් 59 දෙනෙකු සඳහාද මූල්‍ය ආධාර පිරිනැමුනි.