‘ටයිනි ටෝස්ට්’ පෙර පාසල් දරු දැරියන්/ගුරුවරියන් පොසොන් බැති ගී ගායනයේ..”

එළඹෙන පොසොන් උත්සවය සැදැහැ සිතින් සැමරනු වස් පොලිස් පවුල් සුභසාධක සංගමය මඟින් පවත්වාගෙන යන පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය, කිව්පාර හා මරදාන ‘ටයිනි ටෝස්ට්’ පෙර පාසල් ත්‍රිත්වය, එම පෙරපාසල් මගින් අධ්‍යාපනය හදාරන පොලිස් නිලධරයන්ගේ දරු දැරියන්ගේ සහ ගුරුවරියන්ගේ ගායනයෙන් ඉදිරිපත් කළ පොසොන් බැති ගී ප්‍රසංගයක් 2024.06.19 වන දින සවස කොළඹ 07 පිහිටි පොලිස් අපරාධ වාර්ථා කොට්ඨාස උත්සව ශාලාවේදී පැවැත්වීය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙන්ම පොලිස් පවුල් සුබසාධක සංගමයේ හා පොලිස් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි නීතිඥ අනුරාධා විජයවර්ධන මැතිණිය, පොලිස් නිලධරයන් රැසක් මෙම බැති ගී සරණිය රසවින්දනය සඳහා සහභාගී විය.