මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ත්‍රිකුණාමලය කඳවුරේ විශේෂ කාර්ය බලකාය නිලධාරින් කණ්ඩායමක් සමග ඒකාබද්ධව 2024.06.15 වන දින ත්‍රිකුණාමලය පොලිස් වසමේ ත්‍රිකුණාමලය, ඔර්ශිල් මාවතේ හෝටලයක් තුල දී වැටලීම් සිදුකර ඇත.

ඒ අනූව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10, මිලි ග්‍රෑම් 160 ක් සන්තකයේ තබාගෙන සිටි මන්නාරම, පේසාලෙයි පදිංචි වයස අවුරුදු 32 පුද්ගලයෙකු හා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දීමේ වරදට එම ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයකු ලැන්ඩ් කෘසර් වර්ගයේ ජිප් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ත්‍රිකුණාමලය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.