“ඉංගිරිය ප්‍රදේශයට මත්ද්‍රව්‍ය බෙදූ ජාලයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට”

ඉංගිරිය පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් හට ලද තොරතුරක් මත කළ වැටලීමක දී ගංජා මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ අලෙවි කිරිමේ ජාවාරමක නියුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මොහු ඉංගිරිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාලයකට සම්බන්ධ පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 32ක් වයසැති හදපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා ඉංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.