නිධන් සෙවීමේ අරමුණින් නිවසක් තුළ කැනීම් සිදු කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

පානදුර කොට්ඨාස විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදු කරන ලද වැටලීමක දී මොරගහහේන පොලිස් වසමේ කහටපිටි, කනන්විල හොරණ ලිපිනයේ පිහිටි නිවසක් තුළ පුද්ගලයින් පිරිසක් පුරා වස්තු සෙවීමේ අරමුණින් කැනීම් කරන බවට ලද තොරතුරක් අනුව එහි නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදු කර ඇත. එහිදී අදාළ නිවසෙහි කැනීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු සහ ඒ සඳහා යොදා ගන්නා උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මොරගහහේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 53, 27 සහ 43 යන වයස්වල පසුවන හොරණ කඹුරුපිටිය සහ ගෝනපොල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වේ. සැකකරුවන් හොරණ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2024.06.28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.