ඔබටම වෙන් වූ පොලිස්පති මහජන සහන මැදිරිය

පොලිස් නිලධාරීන්ට ලබා දෙන පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ තම රාජකාරි කටයුතු පහසුවෙන් ඉටු කිරීම සඳහා අවශ්‍ය වන පරිසරය නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණ වේ.

සෑම සිකුරාදා දිනකම පොලිස් මූලස්ථානයේ පවත්වනු ලබන පොලිස්පති මහජන සහන මැදිරිය අද (2024.06.14) දින පැවැත්විණි. සෑම සිකුරාදා දිනකදීම පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා මෙම මහජන සහන මැදිරිය ක්‍රියාත්මක වේ.

යම් පොලිස් ස්ථානයක සිදු කරන ලද පැමිණිලි සම්බන්ධව වූ විමර්ශන කටයුතු පිළිබඳ ඔබ අතෘප්තිමත් නම් මෙහිදී ඔබට සෘජුවම පොලිස්පතිතුමා හමුවී ඔබගේ පැමිණිල්ල ඉදිරිපත් කර අවශ්‍ය නිසි පිලිතුරක් ලබා ගැනීමට හෝ අදාල වගකිවයුතු අංශ වෙත යොමු කර සාධාරණ විමර්ශනයක් කඩිනමින් සිදුකර ගැනීමට හැකියාව ලැබේ.