වායු සමීකරණය කර නවීකරණය කරන ලද භෝජනාගාරය සහ කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කරයි.

නාරාහේන්පිට ‍පොලිස් ස්ථානයේ වායු සමීකරණය කර නවීකරණය කරන ලද භෝජනාගාරය සහ කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය 2024 ජූනි මස 14 වන දින ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

නවීකරණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 30 ක පමණ මුදලක් වැයවී ඇති අතර, මේ සඳහා පොලිස් ත්‍යාග අරමුලින් ප්‍රතිපාදන වෙන් කරන ලදී. ඉදිකිරීම් කටයුතු සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින්ගේ සහය ද ශ්‍රී ලංකා පොලිසිය වෙත ලැබිණ.
පොලිස් නිලධාරීන්ට ලබා දෙන පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ තම රාජකාරි කටයුතු පහසුවෙන් ඉටු කිරීම සඳහා අවශ්‍ය වන පරිසරය නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණ වේ.