ශ්‍රී ලංකා පොලිසිය මීගමුව වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහන සඳහා පෙරමුණ ගනී

2024.06.05 වන දිනට යෙදුණු ජගත් පරිසර දිනයට සමගාමීව මීගමුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.06.14 වන දින උදෑසන දුංගල්පිටිය පොලිස් වසමේ කැපුම්ගොඩ සරක්කුකන්ද වෙරළතීරයේදී ආරම්භ විය.

වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය INSEE Cement & INSEE Ecocycle ආයතනය ලබාදුන් අතර මෙම සමාගම නියෝජනය කරමින් INSEE Cement සමාගමේ සභාපති, නන්දන ඒකනායක මහතා ඇතුළු පිරිසක්ද මේ සඳහා සහභාගි වූහ.
ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් නිලධරයන් 1000 ක පමණ පිරිසක් හා ප්‍රදේශයේ විදුහල් වල සිසු සිසුවියන් සහ ප්‍රදේශයේ ප්‍රජා කමිටු සාමාජිකයින් විශාල පිරිසක් මේ සඳහා සහභාගි වූ අතර අපවිත්‍රව තිබූ මෙම වෙරළ තීරය ප්ලාස්ටික් සහ පොලිතීන් වලින් තොර ඉතා අලංකාර වෙරළ තීරයක් බවට පත් කිරීමට වැඩසටහන සඳහා සහභාගි වූ සියළුදෙනා හට හැකි විය.

ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් අප නිරන්තරයෙන් මෙවැනි ක්‍රියාකාරකම් සිදු කරනු ලබන අතර මෙම වැඩසටහන ප්‍රදේශයේ ජනතාවගේ විශේෂ ඇගයීමට ලක්විය.