අපි ඔබව ගෞරවාන්විතව සිහි කළෙමු.

1990 ජුනි මස 11 වන දින අම්පාර තිරුක්කෝවිල් රූපස්කුලම ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරනු ලැබූ නිරායුධ පොලිස් නිලධාරීන් 400 දෙනා සිහිකිරීම සඳහා සංවිධානය කර තිබූ සැමරුම් උත්සවය 2024.06.11 දින අම්පාර පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.
ඒ සඳහා අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ජේ.එච්.එම් ජයපද්ම මහතා, ප්‍රහාරයෙන් දිවි බේරාගත් පොලිස් නිලධාරීන් සහ මිය ගිය නිලධාරීන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.